Featured post

පරිගණකය හඳුනා ගනිමු

2. පරිගණකය හඳුනා ගනිමු 2.1 පරිගණකයක් යනු 1. පරිගණකයක් යනු කුමක්ද ? ……………………………………………………………………………………………………………………………………………………………………………...

Friday, April 10, 2020

පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපාංග

පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපාංග
පරිගණක ජාල ගත කිරීමේ දී විවිධ උපාංග වර්ග කීපයක් භාවිත කරයි.
 
1.ජාලකරණ අතුරු මුහුණත් කාඩ්පත
   මෙය පරිගණකයට සවි කර ඇති අතර  ජාලකරණයට යොදාගන්නා ඇඹරූ කම්බි යුගල (Twisted pair) රැහැන් RJ-45 සම්බන්ධයක් මඟින් මේ හා සම්බන්ධ වේ.

2.ස්විචය හෝ නාභි
පරිගණක ජාලයක ඇති පරිගණක එකිනෙක සම්බන්ධ කිරීමට මෙය යොදා ගනී. ජාලකරණ අතුරු මුහුණත් කාඩ්පතට සම්බන්ධ කරන ඇඹරූ කම්බි යුගල (Twisted pair) රැහැනේ අනෙක් කෙලවර මෙයට සම්බන්ධ කරයි. මේ සදහා ද RJ-45 සම්බන්ධයක් යොදා ගනී.

ස්විචයෙහි සහ නාභියෙහි ඇති වෙනස්කම්
ස්විචය
නාභිය
·   දත්ත හුවමාරු වේගය වැඩිය.
·    දත්ත හුවමාරු වේගය අඩුය.
·   හුවමාරු කරන තොරතුරු ඉලක්ක ගත පරිගණකයට පමණක් යැවිය හැකිය.
·    හුවමාරු කරන තොරතුරු සියලුම පරිගණක වෙත ගමන් කරන නිසා අනවශ්‍ය තදබදයක් ඇති කරයි.
·   පූර්ණ ද්වීපථ (Full-Duplex) වේ.
·    අර්ධ ද්වීපථ (Half-Duplex) වේ.

3.වයි- ෆයි (Wireless Fidelity - Wi-Fi)

වයි-ෆයි යනු වර්තමාන පරිගණක ජාලකරණයේ ජනප්‍රියතම මාධ්‍යකි. මේ සඳහා Wi-Fi Access Point භාවිත කරයි. රැහැන් රහිතව පරිගණක ජාලකරණයට මේවා භාවිත කරයි.

4.මං හසුරුව  (Router)
පරිගණක ජාල 2ක හෝ කීපයක් අතර සම්බන්ධතාවය ඇති කිරීමට යොද ගනී. මෙමගින් ජාල අතර තොරතුරු සම්ප්‍රේෂණය සඳහා සුදුසු මාර්ගය තීරණය කරනු ලබයි.

5.මොඩමය (Modem)
මොඩමයක් යනු දුරකතන මාර්ගයක් ඔස්සේ අන්තර්ජාලය හා සම්බන්ධන්ධ වීම සඳහා ඇති විද්‍යුත් උපකරණයකි. Modem යන්න ඉංග්‍රීසි භාෂාවේ ඇති තනි වචනයක් නොවන අතර එහි ගොඩ නැගීම පහත ආකාරයට විස්තර කල හැක. මෙහිදී Modulation සහ Demodulation යන වචන ද්විත්වයම සලකා බලන විට, MOdulation  හි "MO " සහ DEModulation හි  "DEM " යන වචන ද්විත්වය MODEM යන වචනය ඉදිරිපත් කරයි.
Modulation- අංකිත සංඥා (Digital signals),  ප්‍රතිසම සංඥා (Analog signals) බවට පත් කිරීම.
Demodulation- ප්‍රතිසම සංඥා (Analog signals), අංකිත සංඥා (Digital signals) බවට පත් කිරීම.
මොඩම් වර්ග කීපයකි,
·         අන්තර් මොඩමය - Internal Modem
·         බාහිර මොඩමය - External Modem
·         රුහැන් රහිත මොඩමය - Wireless Modem
·         USB මොඩමය - USB Modem

Internal Modem
                                        
External Modem

Wireless Modem

USB Modem

වර්තමානයේ නවීන Router උපාංග තුල Modem ද ඇතුලත් කර Modem-Router නමින් තනි උපංගයක් ලෙස භාවිත කරයි.
6.ගිනි පවුර (Firewall)
දෘඩාංග හා මෘදුකාංග යන දෙයාකාරයෙන් පවතින මෙය ජාල ආරක්ෂක පද්ධතියකි. ජාල අතර දත්ත හා තොරතුරු සම්ප්‍රේෂණය පාලනය කිරීම මෙමගින් සිදු කරයි. ගිනි පවුර අන්තර්ජාලය හි පරිගණකය අතර ආරක්ෂක බාධකයක් ලෙස ක්‍රියාකරයි.

සේවාලාභී /සේවාදායක ජාල - Client/Server Network
……………………………………………………………………………………………………………………………………………………

පරිගණක ජාල වර්ග
පරිගණක ජාල භූමියේ පිහිටීම හා භාවිතා කරන්නාගේ අවශ්‍යතාවය අනුව වර්ගීකරණය කරයි.
ඒ අනුව,

ස්ථානීය ප්‍රදේශ ජාල (Local Area Network - LAN)

එක් එක් ගොඩනැගිල්ලක් තුල හෝ කාමර කිහිපයක් සම්බන්ධ කරමින් ස්ථාපිත කරනු ලබන පරිගණක ජාලයක් ස්ථානීය ප්‍රදේශ ජාල (LAN) ලෙසින් හැඳින්වේ.
උදා-    
o   පාසලක් තුල
o   විශ්වවිද්‍යාලයක
o   කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරයක
o   කාර්යාලයක

පුරවර ප්‍රදේශ ජාල (MAN – Metropolitan Area Network)

කිලෝ මීටර 16ක් හෝ ඊට අඩු ප්‍රෙද්ශයක් ආවරණය වන ආකාරයට සථානගත කර ඇති ස්ථානීය ප්‍රදේශ ජාල කිහිපයක එකතුවක් පුරවර ප්‍රදේශ ජාලයක් (MAN) ලෙසින් හැඳින්වේ.
උදා-    
o   බැංකු ජාල
o   ශාඛා සහිත ආයතන ජාල
o   ශාඛා සහිත විශ්ව විද්‍යාල ජාල

­­
පුළුල් ප්‍රදේශ ජාල (WAN - Wide Area Network)
ඉතා පුළුල් ප්‍රදේශයක් ආවරණය වන පරිදි නිර්මාණය කෙරුණු ජාල පුළුල් ප්‍රදේශ ජාල (WAN)  ලෙස හැඳින්වේ. මේවා රටක් තුල මෙන්ම රටකින් පිටතද ඇති කරනු ලබයි.
උදා-    
o   අන්තර්ජාලය
                                              
ජාල ස්ථල විද්‍යාව (Network Topology)
පරිගණක ජාලයක් තුල පරිගණක සම්බන්ධතාව සැලසුම් කිරීම සහ ජාල ගත කරන ආකාරය ජාල ස්ථල විද්‍යාව ලෙස හැඳින්වේ. විවිධාකාර ජාල ස්ථල විද්‍යා පවතී.
1.      තරු ආකාරයට ජාල ගත කිරීම. (Star Topology)
මෙහිදී නාභිය හෝ ස්විචය කේන්ද්‍රය කොට ගෙන එයට පරිගණක සම්බන්ධ කරනු ලබයි.

2.      බසයක ආකාරයට ජාලගත කිරීම. (Bus Topology)
මෙහිදී ප්‍රධාන කේබලයක් හරහා සියළුම සම්බන්ධතා ඇති කරමින් ජාලගත කිරීම සිදු කරයි.
එමෙන්ම ප්‍රධාන කේබලයේ සිදුවන ඕනෑම අක්‍රමිකතාවක් ජාලයේ ඇති පරිගණක සියල්ලටම බලපායි.
ජාලකරනයේදී මෙම සැලසුම ඉතා පහසු වන අතර කේබල අඩු ප්‍රමාණයක් වැය වේ. නමුත් මෙයට සම්බන්ධ කල හැකි පරිගණක ප්‍රමාණය සීමිතය.

3.      මුද්දක/ වළල්ලක ආකරයට ජාලගත කිරීම.  (Ring Topology)
මෙහිදී මුද්දක/වලල්ලක අකාරයට පරිගණක ස්ථාන ගත කරනු ලබයි.
ඕනෑම දත්තයක් හෝ තොරතුරක් මෙම ජාලය තුල කවාකාරව ගමන් කරනු ලබයි.
එක් පරිගණකයක හෝ කේබලයක අක්‍රමිකතාවක් සම්පූර්ඛ ජලයේම බිඳ වැටීමට හේතු වේ.

4.      රුක් ආකාරයට ජාලගත කිරීම. (Tree Topology)
තරු ආකාරයේ ජාලගත කිරීම් කිහිපයක එකතුවක් බස් ආකාරයේ ජාලගත කිරීමකට එකතු කිරීම රුක් ආකාරයේ සැලැස්මක් ලෙස හැඳින්වේ.
මෙහිදී එක් එක් ජාලය වෙන වෙනම පාලනය කිරීම පහසු වීම වාසියකි.

5.      දැලක් ආකාරයට ජාලගත කිරීම. (Mesh topology)
මෙහිදී ජාලයේ ඇති සියළුම පරිගණක එකිනෙක සම්බන්ධ කිරීම සිදු වේ.
සංකීර්ණ සම්බන්ධතාවයක් වන අතර පාලනය කිරීමද පහසුය. පිරිවැයද අධිකය.
මෙහිදී එක් පරිගණක ජාලයක බිඳ වැටීමක් අනෙක් ජාලයන්හි බිඳ වැටීමට බලනොපායි.
අන්තර්ජාලය තුල විවිධ ආකාරයේ ජාලගත කිරීම දක්නට ලැබේ.

පරිගණක ජාලකරණයේ වාසි
·         ................................................................................................................................
................................................................................................................................

පරිගණක ජාලකරණයේ අවාසි
·         ...............................................................................................................................

.........................................................................................................................

Hingurakdamana Maha Vidyalaya

Author & Editor

Has laoreet percipitur ad. Vide interesset in mei, no his legimus verterem. Et nostrum imperdiet appellantur usu, mnesarchum referrentur id vim.

0 comments:

Post a Comment